ගෝඨාගෝගමට පහර දුන් අයෙක් රට පනිද්දී කොටුවේ

පසුගිය මැයි මස 9 වනදා ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට සැකකරුවෙකු ලෙස නම් කර තිබූ පුද්ගලයකු ඊයේ(10) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් විදේශගත වීමට උත්සාහ කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙන අයෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රියේ මැලේසියාව බලා පිටත්ව යෑමටයි සූදානම්ව සිට තිබෙන්නේ.
අදාළ පුද්ගලයා මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්.
සැකකරු අද(11) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු රුපියල් ලක්ෂ තුන බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.
269 Views
Comments