කාලය මාස තුනයි - ප්ලාස්ටික් ටොන් 3ක් ශ්‍රී පාද උඩ මළුව මාර්ග වසාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

කාලය මාස තුනයි - ප්ලාස්ටික් ටොන් 3ක් ශ්‍රී පාද උඩ මළුව මාර්ග වසාගනී

කාලය මාස තුනයි - ප්ලාස්ටික් ටොන් 3ක් ශ්‍රී පාද උඩ මළුව මාර්ග වසාගනී

2023-2024 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයකදී නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා මාර්ගයේ වන්දනාකරුවන් විසින් බැහැර කර තිබූ ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් තුනක් පමණ එක්රැස් කර ඇති බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. රාජවීරන් මහතා පැවසීය.

 

එම මාර්ගයේ ගමන් ගන්නා වන්දනාකරුවන් රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරීමට කසළ බඳුන් සවි කර ඇති බවත්, ඇතැම් වන්දනාකරුවන් ප්ලාස්ටික් වතුර බෝතල් කසළ බඳුන්වලට බැහැර කරන මුත් තවත් වන්දනාකරුවන් පිරිසක් ප්ලාස්ටික් වතුර බෝතල් පරිසරයට මුදා හරින බවත් ලේකම්වරයා කීවේය.

 

තවද වන්දනාකරුවන් රැගෙන යන පිසූ ආහාර ද්‍රව්‍ය අනුභව කර ඉන් ඉවතලන කැළි කසළ වර්ග කර කැළි කසළ බැහැර කිරීමට සකස් කර ඇති බඳුන්වලට බැහැර කරන ලෙසට උපදෙස් ලබා දී තිබුණ ද එම උපදෙස් ඇතැම් වන්දනාකරුවන් විසින් නොපිළිපදින බව ලේකම්වරයා පැවසීය.

 

 

ශ්‍රීපාද වන්දනාකරුවන් විසින් බැහැර කර තිබූ ප්ලාස්ටික් වතුර බෝතල් නල්ලතන්නියේ කැළිකසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන විත් එම ප්ලාස්ටික් වතුර බෝතල් පෞද්ගලික අංශය වෙත අලෙවි කරන බව ද ලේකම්වරයා පැවසීය.

 

පවතින අධික වියළි කාලගුණයත් සමග නල්ලතන්නිය ප්‍රදේශයේ පානීය ජල ගැටලුවක් මතු වී ඇති බවත්, එම ජල ගැටලුව විසඳීමට ජල සම්පාදන මණ්ඩලය සමග සාකච්ඡා කරන බවත් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

views

241 Views

Comments

arrow-up