FEB
16
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ ගුටි කෙළියක

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර නොසන්සුන්තාවයක් ඊයේ (15) රාත්‍රී කාලයේ හටගෙන තිබේ. කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන නේවාසිකාගාරයේ සිටින සිසුන් පිරිසක් හා එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබන වෙනත් සිසුන් පිරිසක් අතර ආරවුල ඇති වූ බව පොලීසිය සඳහන් කළේය.
එහිදී සිසුන් නව දෙනෙක් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබයි. මේ සම්බන්ධයෙන් සමනල වැව පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරයි.
200 Views
Comments