APR
05
අද සිට විදුලි කැපිල්ල අඩු වෙයි

ඉදිරි දින 4 සඳහා විදුලි කප්පාදුව සිදු කරනු ලබන කාලසටහන මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව අද සිට ලබන 8 වන දා දක්වා කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැරුණු කොට සෑම කාණ්ඩයකටම පැය 6යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත්, කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශයට පැය 3යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත් මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
592 Views
Comments