රෝගියෙකු රැගෙන රෝහලට ගිය ත්‍රිරෝද රථයක් හදිසියේම ගිනි ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

රෝගියෙකු රැගෙන රෝහලට ගිය ත්‍රිරෝද රථයක් හදිසියේම ගිනි ගනී

රෝගියෙකු රැගෙන රෝහලට ගිය ත්‍රිරෝද රථයක් හදිසියේම ගිනි ගනී

අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි ත්‍රිරෝද රථයක් ගිනි ගත් අතර එහි පැමිණි රෝගියෙකු ඇතුළු තිදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව තිබේ.

 

වකුගඩු රෝගයෙන් සහ අංශ භාග රෝගයෙන් පෙළෙන රෝගියකුට ප්‍රතිකාර ගැනීම සඳහා මෙම ත්‍රිරෝද රථය කහටගස්දිගිලිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ තිබිණි. 

 

ත්‍රිරෝද රථය රෝහලේ වකුගඩු ඒකකය අසලට පැමිණෙනවාත් සමග එය ගිනිගෙන තිබේ.

 

පසුව එය දුටු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් පැමිණ එහි සිටි රෝගියා ඇතුළු තිදෙනා ත්‍රිරෝද රථයෙන් එලියට ගෙන තිබේ.

 

ඉන් අනතුරුව ගිනි ගනිමින් තිබුණු ත්‍රිරෝද රථය එම ස්ථානයෙන් ඉවතට තල්ලු කර දමා ඇත. 

 

පසුව රෝහලේ තිබූ ගිනි නිවන උපකරණ කිහිපයක් භාවිත කරමින් සහ ජලය ඉසිමින් ගින්න මැඩලීමට කටයුතු කරද්දි එහි ළඟා වූ අනුරාධපුර නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මුළුමනින් ම නිවා දැමීමට කටයුතු කර තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුරට ත් පරික්ෂණ පවත්වයි.

views

827 Views

Comments

arrow-up