ජනතාව ප්‍රහාර වලට බියෙන් පාර්ලිමේන්තුවට යන බස් ගමනාන්ත පුවරු ඉවත් කර ධාවනය කරයි

ආර්ථික වශයෙන් දැඩි සේ පීඩාවට පත්ව කුපිත වී සිටින ජනතාව බස් රථවලට පහර දෙතැයි යන සැකය නිසා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන ලංගම බස් රථවල අදාළ නාම පුවරුව ගලවා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
'පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය' යන පුවරුව ගලවා සාමාන්‍ය පරිදි එම බස් රථ ධාවනය කිරීමට ඒ අනුව කටයුතු යොදා තිබේ.
පාර්ලිමේන්තුවේ ලංගම බස් රථ 9ක් යොදා මේ වනවිට එහි කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබෙන අතර විශේෂයෙන්ම ස්ථාන නවයක සිට එම බස් රථ ධාවනය වේ.
773 Views
Comments