මන්නාරමේ නිවසක සඟවා තිබූ කෝටි 02ක අයිස් මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

මන්නාරමේ නිවසක සඟවා තිබූ කෝටි 02ක අයිස් මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මන්නාරමේ නිවසක සඟවා තිබූ කෝටි 02ක අයිස් මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මන්නාරම, පේසාලෙයි ජූඩ් වීදිය ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 700ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පේසාලෙයි පොලීසිය කියයි.

 

පේසාලෙයි පොලිස් නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත ඊයේ(14) රාත්‍රී පේසාලෙයි ප්‍රදේශයේ නිවසක් පරික්ෂාකර ඇති අතර එහිදී නිවසේ සඟවා තිබූ අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබ තිබේ.

 

නිවසේ සිටි 30 හැවිරිදි පුද්ගලයෙකුද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් විකිණීමට සූදානම් කර තිබූ බවට පොලීසිය අනාවරණය කොට ගෙන ඇත.

 

සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් පුද්ගලයා අද(15) මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන පේසාලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

views

637 Views

Comments

arrow-up