ඩීසල් සහ බොරතෙල් ආනයන කොන්ත්‍රාත්තුව අරාබි සමාගමකට

මාස 08ක කාලයක් සඳහා අවශ්‍ය ඩීසල් සහ මාස 07ක කාලයකට අවශ්‍ය බොරතෙල් ආනයනය කිරීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී සමාගම ට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මාර්තු 01 වැනිදා සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා මාස අටක කාලයකට අවශ්‍ය ඩීසල් සහ ජූනි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මාස හතක කාලයකට අවශ්‍ය බොරතෙල් ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව මෙම සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ඇති විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියද හිමිව තිබේ.
ඒ අනුව එම ප්‍රසම්පාදන පිරිනැමීමට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ඉදිරිපත් කළ යෝජනා දෙකකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.
634 Views
Comments