ආදාහනාගාරයේ විදුලිය නැති නිසා කඩදාසියක් දල්වා මෘත දේහයට ගිනි තියන්න ගිහින් තිදෙනෙකුගේ ඇඟට ගිනි ඇවිළිලා - තුන්දෙනෙක්ම රෝහල් ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ආදාහනාගාරයේ විදුලිය නැති නිසා කඩදාසියක් දල්වා මෘත දේහයට ගිනි තියන්න ගිහින් තිදෙනෙකුගේ ඇඟට ගිනි ඇවිළිලා - තුන්දෙනෙක්ම රෝහල් ගත කරයි

ආදාහනාගාරයේ විදුලිය නැති නිසා කඩදාසියක් දල්වා මෘත දේහයට ගිනි තියන්න ගිහින් තිදෙනෙකුගේ ඇඟට ගිනි ඇවිළිලා - තුන්දෙනෙක්ම රෝහල් ගත කරයි

ඇල්පිටිය ආදාහනාගාරයේදී මෘත දේහයකට ගිනි ඇවිළවීමට ගිය තරුණයන් දෙදෙනෙකුගේ හා ආදාහනාගාර සේවකයෙකුගේ සිරුරුවලට ගිනි ඇවිළීමෙන් ඔවුන් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්පිටිය මූලික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

 

ඊයේ (21) දහවල් ඇල්පිටිය, රජමහා විහාර මාවතේ පදිංචිකරුවෙකුගේ මෘත දේහයක් ඇල්පිටිය ආදාහනාගාරය වෙත රැගෙනවිත් ඇති අතර ඒ මොහොතේ එහි විදුලිය විසන්ධි වී ඇති බැවින් එහි සේවකයන්ගේ උපදෙස් පරිදි කඩදාසියක් දල්වා දේහයට ගිනි දැල්වීමට යාමේදී මෙසේ ඔවුන්ගේ සිරුරට ගිනි ඇවිළුණු බව එහි සිටි ඥාතීහු පවසති.

 

තුවාල ලැබූ තරුණයන් දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතළ නැති බව ද රෝහල් ආරංචි මාර්ග පැවසීය.

 

විදුලිය ඇති වේලාවට ගිනි තැබීම සිදු කරනුයේ විදුලි බොත්තමක් එබීමෙන් බව ද දහවල් විදුලිය විසන්ධි වී තිබීම නිසා මෙසේ ගිනි තැබීමට කටයුතු කර ඇති බව ද එහි සේවකයෙක් පැවසීය.

views

1338 Views

Comments

arrow-up