පාසල් වෑන් රථය ත්‍රිරෝදයේ ගැටී දෙදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

පාසල් වෑන් රථය ත්‍රිරෝදයේ ගැටී දෙදෙනෙක් මරුට

පාසල් වෑන් රථය ත්‍රිරෝදයේ ගැටී දෙදෙනෙක් මරුට

අලව්ව-ගිරිඋල්ල මාර්ගයේ පරමාඋල්ල ප්‍රදේශයේදී ඊයේ(28) සවස පාසල් වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් හැපීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු අලව්ව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි.

 

මෙසේ මිය ගොස් ඇත්තේ නවතල්වත්ත,උඩගංකන්ද පදිංචි කේ.පී.ප්‍රියංකර නැමැති 28 හැවිරිදි තිදරු පියකු හා එම ලිපිනයේම පදිංචි 32 හැවිරිදි එම්.පී.සිරිනිමල් නැමැති විවාහක තැනැත්තක.

 

පාසල් වෑන් රථය ගිරිඋල්ල දෙසට ගමන් කරමින් තිබියදී ඉදිරියෙන් වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථය නවතා තිබූ ටිපර් රථයකට ඉස්සර කිරීමට ගොස් වෑන් රථයේ හැපීමෙන් මෙම අනතුර සිදු වූ බව පරීක්ෂණ පවත්වන අලව්ව පොලීසිය පවසයි.

views

705 Views

Comments

arrow-up