රෝගියා බේරා අවසන් ගමන් ගිය "ගිලන් රථ රියදුරු"
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

රෝගියා බේරා අවසන් ගමන් ගිය "ගිලන් රථ රියදුරු"

රෝගියා බේරා අවසන් ගමන් ගිය "ගිලන් රථ රියදුරු"

වවුනියාවේ සිට යාපනය ශික්ෂණ රෝහල වෙත රෝගියකු ප්‍රවාහනය කරමින් තිබූ ගිලන් රථයක රියැදුරු හෘදයාබාධයකට ලක්ව හදිසියේ මිය යෑමෙන් අනතුරුව වහා වෙනත් ගිලන් රථ රියැදුරකු යොදවා රෝගියා රෝහල්ගත කොට ඔහුගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර ඇත.

 

ගිලන් රථ රියැදුරා සංගුපිටිය පාලම ආසන්නයේදී පසුගිය (07) හෘදයාබාධයකට ලක් වීමෙන් අනතුරුව ගිලන් රථය මඟ නතර කොට ඒ ආසන්නයෙන් ගමන් කළ අයකුට සිද්ධිය පවසා තිබේ. කෙසේ වෙතත් ඊට විනාඩි කිහිපයකට පසු ඔහු ගිලන් රථය තුළම ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

 

කෙසේ වෙතත් රියැදුරාගේ දැනුම්වත් කිරීම මත එම පුද්ගලයා අදාළ අංශ දැනුම්වත් කිරීමෙන් අනතුරුව වෙනත් රෝහලකින් ගිලන් රථ රියැදුරකු කැඳවා ගිලන් රියේ සිටි රෝගියා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඔහුගේ දිවි ගලවා ගැනීමට හැකි වී ඇත.

 

මියගිය ගිලන් රථ රියැදුරාගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා පුනරීන් රෝහලට වෙත භාර දී ඇත.

 

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව වීරපුරම් ප්‍රදේශයේ පදිංචි අන්තෝනිපිල්ලේ ඇන්ටනී ජෙයරාජා නමැති පුද්ගලයෙකි.

views

984 Views

Comments

arrow-up