රසායනික පොහොර තහනමට එරෙහිව අධිකරණයට පෙත්සමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

රසායනික පොහොර තහනමට එරෙහිව අධිකරණයට පෙත්සමක්

රසායනික පොහොර තහනමට එරෙහිව අධිකරණයට පෙත්සමක්

රසානික පොහොර ආනයනය තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

 

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර , සමගි ගොවි ජන පෙරමුණේ සභාපති හේමකුමාර නානායක්කාර සහ ලේකම් පී හැරිසන් යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

 

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම්  උදිත් කේ. විජේසිංහ මහතාය.

 

රසායනික පොහොර භාවිතය සහ ආනයනය තහනම් කරමින් අප්‍රේල් මස 27 වන දා අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරනු ලැබූ යෝජනාව තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අමාත්‍ය මණ්ඩලය විසින් උගත් තීරණය බලරහිත කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

views

767 Views

Comments

arrow-up