සිසුන් 200ට අඩු පාසල් ලබන මස 15 විවෘත කෙරේ

සිසුන් 200ට අඩු දකුණු පළාතේ ඇති පාසල් 514ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසුවේය.
කොවිඩ් මර්ධන කමිටු සක්‍රීයකර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් සමඟ සාකච්ඡා කොට එහිදී ගැටලු හඳුනාගෙන එම ගැටලු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වාර්තා කිරීමටත් උපදෙස් ලබාදි තිබේ.
පාසල් පිරිසිදු කිරීම සහ විසබීජහරණ කටයුතු කිරීම යන කටයුතු මෙම කමිටුව මඟින් සැලසුම් කර තිබේ.
එ සඳහා අදාල ප්‍රාදේශීය සභා සහ නගර සභා මගින් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමටත් අපේක්ෂා කෙරේ.
ඒ අනුව මේ යටතේ ලබන 06 දින සිට එම කටයුතු සිදුකරන බවත් ඉන් අනතුරුව එම මස 15 වන දින සිට දරුවන් 200 අඩු පාසල් 514ක් ආරම්භ කිරීමටත් නියමිතය.
843 Views
Comments