“ලබන වසරේ අප්‍රේල් වන විට ආර්ථික අර්බුදය වැඩි විය හැකියි”

වර්තමාන රජය ජාත්‍යන්තර වශයෙන් රට නිසියාකාරව හැසිරවීමක් සිදුනොකළ නිසා මේ වනවිට කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වැසී යන තත්ත්වයකට පත්වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේය.
ආණ්ඩුව ගෙනයන ආකාර්යක්ෂම ක්‍රියා පිළිවෙත හේතුවෙන් නැවතත් රට පෝලිම් යුගයකට තල්ලු වී ඇති බව පැවසූ එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා ලබන වසරේ අප්‍රේල්, අගෝස්තු මාස වනවිට රට ආර්ථික වශයෙන් දැවැන්ත අර්බූදකාරී තත්ත්වකට පත්ව ජනතාවට දැඩි පීඩාවන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි කීයා සිටියේය.
ඉතිහාසයේ දුර්වල, අකාර්යක්ෂම පාලනයන් පැවැති සෑම අවස්ථාවකදීම රටේ ආර්ථිකය විනාශ වූ බව පැවසූ වජිර අබේවර්ධන මහතා ඒ සෑම අවස්ථාවකදීම නැවත රට ගොඩනැඟුවේ එක්සත් ජාතික පක්ෂ පාලනය බවද සඳහන් කළේය.
742 Views
Comments