විශ්‍රාමික ආබාධිත ගුරුවරිය විදුලිසැර වැදී රෝද පුටුවේම ජීවිතක්ෂයට

ඇල්ල අඹගොල්ලපතන ප්‍රදේශයේ නිවසේ සිටියදී විදුලි සැර වැදී ගිනි ඇවිලීමෙන් විශ්‍රාමික ආබාධිත ගුරුවරියක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ ඇල්ල, අඹගොල්ලපතන, පස්සර පාර පදිංචිව සිටි ඒ එම් සුමනා අත්තනායක නැමැති 74 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියකි.
විදුලි සැර වැදීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.
නිවසට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර අද(29) මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බව පොලිසිය පවසයි.
853 Views
Comments