හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් ජිනීවා යාමට සැරසෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර 04ක සිර දඩුවම් ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය නිදහස වෙනුවෙන් කිහිපදෙනෙකු හරහා ජනපති සමාව ඉල්ලුම් කළත් මේ දක්වා ඊට ඇහුම්කන් දීමක් සිදුව නොමැත.
ඔහු හමුවීමට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය හෙක්ටර් අප්පුහාමි හා කාවින්ද ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා හමුවේ රාමනායක මහතා දන්වා ඇත්තේ තමා සිරමැදිරියේ දේශපාලන සිරකරුවෙකු ලෙස දඬුවම් විඳින බවයි.
එසේම තමාගේ නිදහස වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් කරන ලෙසද ඔහු දන්වා තිබේ.
968 Views
Comments