මෙරට ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

මෙරට ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

මෙරට ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

මෙම වසරේ ගත වූ මාස 4 තුළදී පමණක් ඩෙංගු ආසාදිතයින් 30,000 ඉක්මවා වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසා තිබේ.

 

 

ඒ අතරින් 50% ක් බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

 

 

ලැබී ඇති දත්තවලට අනුව එම කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 15 කි.

 

 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පවසා ඇත්තේ මැයි මාසයේ මුල් දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 700 කට ආසන්න පිරිසක් දිවයින පුරා වාර්තා වී ඇති බවයි.

views

271 Views

Comments

arrow-up