NOV
18
හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක ඉන්දියානුවන් 43කට කොවිඩ්

හම්බන්තොට ආයෝජන කලාපයේ පිහිටුවා ඇති සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන ඉන්දීය ජාතිකයන් 43 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා
එහි සේවකයින් 50 දෙනෙකුට කළ කොවිඩ් පරීක්ෂාවකින් මෙලෙස මොවුන් 43 දෙනා ආසාදිත බව තහවුරු වී තිබේ.
මෙම කර්මාන්ත ශාලාව තුල ශ්‍රී ලාංකිකයන් 780 දෙනෙකුද ඉන්දීය ජාතිකයන් 480 දෙනකුද සේවය කරන අතර ආසාදිත බව හඳුනාගත් පිරිස ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.
882 Views
Comments