මතට එරෙහි වැඩමුළුවට පැමිණි සහකාර බන්ධනාගාර අධිකාරී සූර්වී යකා නටයි

ගාල්ල, උණුවටුන ප්‍රදේශයේ පැවති වැඩමුළුවකට සහභාගිවූ වැඩබලන බන්ධනාගාර අධිකාරිවරයෙකු බීමතින් කළහකාරී ලෙස හැසිරී ඇතැයි වාර්තාවේ.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩලීමේ කාර්යාලය විසින් සංවිධානය කර තිබූ දෙදින වැඩමුළුවක් සඳහා සියලු බන්ධනාගාර අධිකාරීවරුන් සහ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් කැඳවා තිබේ.
පසුගිය 30 වනදා එම දෙදින වැඩමුළුව ආරම්භ විය.
ඊට එක් වූ එක් බන්ධනාගාර නිලධාරියෙක් එදින රාත්‍රී හෝටලයේ නවාතැන් ගත් අතර එදින රාත්‍රියේ අදාළ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා බීමත්ව කලහකාරී ලෙස හැසිරී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී ඔහු සමුළුවට සහභාගිව සිටි විදෙස් සම්පත් දායකයෙක්ද අපහසුතාවට ලක් කර ඇති අතර එම සම්පත් දායකයා විසින් ඊට පසුදින මෙම සිද්ධිය සම්බන්ධව බන්ධනාගාර නිලධාරීන්ට අප්‍රසාදයද පළ කර තිබේ.
කෙසේවුවත් අදාළ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා වැඩමුළුවේ අවසන් දිනය වන ඊයේ(01) දිනයේ ඊට සහභාගිවී නොමැත.
858 Views
Comments