ලොව ලොකුම මාණික්‍යය රට අරන් යන්න ගුවන් යානයකුත් සූදානම් කරයි

රත්නපුර, පැල්මඩුල්ල ප්‍රදේශයෙන් මෑතකදී හමුවූ විශාල ප්‍රමාණයේ මැණික ඇතුළු මැණික් ගල් රැසක් චීනයේ ෂැන්හයි නගරයේ නුදුරේදී පැවැත්වීමට නියමිත ලොව ප්‍රකට මැණික් වෙන්දේසියේ අලෙවි කිරීම සඳහා රැගෙන යෑමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේය.
එය රැගෙන යාම සඳහා වෙනම ගුවන් යානයක්ද සූදානම් කරන බවත් මෙරට මැණික් ව්‍යාපාරිකයන් විසිපස් දෙනෙකුද එම ගමනට සම්බන්ධ කර ගන්නා බවත් ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේය.
මෙරටින් මෑතකදී හමුවූ විශාලතම මැණික ඇතුළු මැණික් ගල් හිමිකරුවන්ගේද එකගත්වය ඇතිව කඩිනමින් විකිණීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාට පසුගියදා උපදෙස් දී තිබිණ.
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවූ මැණික ලෝකයෙන් මෙතෙක් හමුවූ විශාලතම ආරුනූල් සමූහය ලෙස සැලකේ.
945 Views
Comments