අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල කරයි

අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල කරයි

තහනම් කර ඇති අංගම්පොර සටන් කලාව කැබිනට් පත්‍රිකාවක් මඟින් තහනම ඉවත්කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි.

 

පිළිකුත්තුව පුරාණ රජමහා විහාරස්ථාන භූමියේදී පැවැති අංගම්පොර සටන් කලාව පිළිබඳව ප්‍රදර්ශනාත්මක සටන් සංදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේය.

 

කොරතොට පරපුරේ අංගම් පොර සටන් ශිල්පී අජන්ත මහන්ත ආරච්චි ඇදුරාණන් ශිල්පය ලබාදී ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර සටන් ශිල්පී කණ්ඩායම විසින් මෙම සංදර්ශන ඉදිරිපත් කරන ලදී.

views

871 Views

Comments

arrow-up