ඇමැති ඩලස් ස්වයං නිරෝධායනයේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

ඇමැති ඩලස් ස්වයං නිරෝධායනයේ

ඇමැති ඩලස් ස්වයං නිරෝධායනයේ

විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී ඇත.

 

අමාත්‍යවරයා මෙසේ ස්වයං නිරෝධායනයට යොමු වී ඇත්තේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතිබව තහවුරු වීම නිසාය.

 

ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇතිබව තහවුරු වීමෙන් පසු  පසුගිය සදුදා සිට අමාත්‍යාංශය වසා දමනු ලැබ තිබේ.

 

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා සුවයෙන් සිටින අතර තමාගේ නිරෝධායන කාලය ලබන බදාදා වනවිට අවසන් වන බවයි.

views

784 Views

Comments

arrow-up