AUG
06
ඛනිජ තෙල් සම්බන්ධ සමාගම් ඇගයීම සඳහා කමිටුවක්

ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා ලියාපදිංචි වූ සමාගම් ඇගයීම සඳහා ඊයේ (05) දිනයේ කමිටුවක් පත් කර ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයන සහ සිල්ලර වෙළඳපොළ විවෘත කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය පසුගියදා හිමිවිය.
ඒ අනුව විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමග දිගුකාලිනව ගිවිසුම් ගත වීම සඳහා මෙසේ ඇගයීමක් සිදු කරයි.
238 Views
Comments