ලබන සතියේ පාසල් දින 03කට සීමාවෙයි

පසුගිය සතිය තුළ පාසල් පැවත්වූ ආකාරයටම ලබන සඳුදා(01) සිට සිකුරාදා (05) දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පැවැත්වීමට අද දින තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමේදී එම තීරණය ගෙන ඇත.
ඒ අනුව සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමද බදාදා සහ සිකුරාදා දිනවලදී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබාදීමට සිදුකෙරේ.
නැතහොත් මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට ද ඉඩප්‍ස්ථාව ඇත.
එසේ වුවද ප්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත බදාදා සහ සිකුරාදා පාසල් පැවැත්විය හැකිය.
256 Views
Comments