JUL
23
සදුදා සිට පාසල් යළි ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ජූලි මස 25 වනදා එනම් ලබන සඳුදා සිට නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සදුදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා යන දිනවල සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන අතර බදාදා සහ සිකුරාදා දිනවල සිසුන්ට නිවසට වී ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දෙන ලෙස දැනුම් දී ඇත.
එසේ නොමැති නම් බදාදා සහ සිකුරාදා දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
283 Views
Comments