JUL
16
පහරදීමකින් දික්වැල්ලේ පුද්ගලයකු මියයයි

පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය යෑමේ පුවතක් දික්වැල්ල උරුගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ(15) දිනයේදී අදාළ පුද්ගලයා කුඹුරු වැඩට යමින් සිටියදී ඔහුට මෙම පහරදීම සිදු කර ඇති අතර ඔහුගේ හිස සහ මුහුණට හානි සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පහර කෑමට ලක් වූ පුද්ගලයා රදම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ ඌරුගමුව උඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක්.
ඝාතනය සිදුකළ තැනැත්තා සොයා දික්වැල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
274 Views
Comments