NOV
12
යූරියා ගෙන්වන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් - තවත් ගැසට්ටුවක් රිවස් වෙයිද..?

යූරියා ගෙන්වීමට තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය.
අද වකුගඩු රෝගීන්ද රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ යෙදී සිටින බවද ඒ ඇයි දැයි තමාට ප්‍රහේලිකාවක් බවද හෙතෙම සඳහන් කලා.
පොස්පරස් පොටැසියම් මේ රටේ තිබුණද නයිට්‍රජන්වල ප්‍රශ්නයක් තිබෙන බව පැවසූ චන්ද්‍රසේන මහතා ලබන වසර සඳහා යූරියා සියයට 50ක් ගෙන්වා 2023වර්ෂයේ දී එය සියයට 25ක් දක්වා අඩු කරගෙන ඊට පසු කාබනික පොහොර වැඩපිළිවෙළට යා හැකි බවද පැවසූහ.
790 Views
Comments