කුලී ගමන් යන මුවාවෙන් ගොස් කුලී රථ රියැදුරන් කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

කුලී ගමන් යන මුවාවෙන් ගොස් කුලී රථ රියැදුරන් කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

කුලී ගමන් යන මුවාවෙන් ගොස් කුලී රථ රියැදුරන් කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

කුලී ගමන් යන මුවාවෙන් කුලී රථවල රන් භාණ්ඩ පැළඳ සිටින රියදුරන්ගේ රන් භාණ්ඩ සූක්ෂම ලෙස කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අදාළ සැකකරුවන් ත්‍රිරෝද රථයට ගොඩවී මත්කුඩු වර්ගයක් රියදුරුට පානය කිරීමට දී මෙම කොල්ලය සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

රුපියල් ලක්ෂ පනස් පහකට ආසන්න වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාණ්ඩ සැකකරුවන් කොල්ලකා ඇතැයිද ඉන් රුපියල් ලක්ෂ 41ක් වටින රණ් භාණ්ඩ තොගයක් හෙට්ටි වීදිය රන් භාන්ඩ අලෙවි සැලකින් සොයා ගැනීමටද පොලීසිය සමත්ව ඇත.

 

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ සැකකරුවන් පොලිස් වසම් 15ක පමණ මෙම සොරකම්වල නිතරව ඇති බවය.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස රක්වාන, මරදාන, බදුල්ල, වැරැල්ලගම පදිංචි වයස අවුරදු 37ත් -38ත් අතර පසුවන අය බවත් පොලීසිය සඳහන් කරයි.

views

140 Views

Comments

arrow-up