ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙත නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

 

එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (02) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.000 දක්වා ක්‍රියාත්මක බවය.

 

ඒ අනුව අදාළ ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම නිවේදනයක් නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබේ.

 

බදුල්ල දිස්ත්‍රික්කය: - ⁠බදුල්ල, පස්සර, හාලිඇල,  ⁠මීගහකිවුල,  බණ්ඩාරවෙල

 

මහනුවර දිස්ත්‍රික්කය: - උඩුදුම්බර, උඩපලාත, දෙල්තොට, ගගවට කෝරළය, පාතහේවාහැට, හාරිස්පත්තුව, පාතදුම්බර, යටිනුවර, මැදදුම්බර, දොළුව, උඩුනුවර, ⁠තුම්පනේ, පූජාපිටිය, පන්විල, පස්බාගෙ කෝරළය, අකුරණ, හතරලියද්ද, ⁠ගග ඉහළ කෝරළය

 

කෑගල්ල දිස්ත්‍රික්කය: - ⁠කෑගල්ල, ⁠රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, අරණායක, මාවනැල්ල, යටියන්තොට

 

කුරුණෑගල දිස්ත්‍රික්කය: - රිදීගම

 

මාතලේ දිස්ත්‍රික්කය: - අඹන්ගග කෝරළය, රත්තොට, උකුවෙල, විල්ගමුව, නාඋල, ⁠යටවත්ත, පල්ලේපොල, ලග්ගල පල්ලේගම, ⁠මාතලේ

 

නුවරඑළිය දිස්ත්‍රික්කය: - ⁠හගුරන්කෙත, කොත්මලේ, වලපනේ

views

125 Views

Comments

arrow-up