AUG
03
බෝට්ටු අනතුරකින් 20 දෙනෙකු මියයයි

විදෙස් මාධ්‍ය පවසන්නේ උගන්ඩා මුහුදේදී බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙන බවයි.
එරට පොලිසිය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ පුද්ගලයින් 34 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කෙරෙන බවයි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ වනවිට පුද්ගලයන් 9 දෙනෙකු බේරා ගෙන ඇති බවයි.
අනතුරට හේතුව අධික බර පැටවීම සහ අයහපත් කාලගුණය ලෙසට හඳුනාගෙන ඇත.
විදෙස් මාධ්‍ය පවසන්නේ අතුරුදහන්වූවන් සොයා ගැනීම සඳහා පොලිස්, හමුදා සහ ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම් ඒකාබද්ධව ගලවා ගැනීමේ ප්‍රයත්නයන් ක්‍රියාත්මක කර ඇති බවයි.
246 Views
Comments