ලක්ෂ 10කට අධික ගෑස් සොරකමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

ලක්ෂ 10කට අධික ගෑස් සොරකමක්

ලක්ෂ 10කට අධික ගෑස් සොරකමක්

පානදුර උතුර ලිට්‍රෝ ගෑස් අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ගෑස් සිලින්ඩර් සහ මුදල් සොරකමක් සිදුව ඇත.

 

මෙම වෙළඳසැලෙන් ගෑස් සහිත සිලින්ඩර් 30ක් ආ රුපියල් 30,000ක පමණ මුදලක් අද (14) අළුයම සොරා ගෙන ඇති බව පානදුර උතුර පොලීසිය පවසයි.

 

අද අළුයම 4.30ට පමණ වෑන් රථයකින් පැමිණි කිහිප දෙනෙක් ව්‍යාජ යතුරක් උපයෝගී කරගෙන වෙළඳසැලේ ඉදිරිපස දොර විවෘත කරගෙන සොරකම සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

 

මෙම සොරකම් වෙළඳසැල් ඉදිරිපිට ගොඩනැගිල්ලක සවි කර ඇති CCTV කැමරාවක සටහන්ව ඇති අතර පානදුර උතුර පොලිසිය සොරකම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

views

232 Views

Comments

arrow-up