මද්දකට අසු වී කඳුකර කොටියෙක් මිය යයි

මද්දකට අසු වී ගසක් මත සිරවී සිටි කඳුකර කොටියෙක් මරණයට පත් ව තිබේ.
හැටන් වනරාජා වතුයායට අයත් සමර්හිල් ප්‍රදේශයේ තේ වත්තේ සැරිසරන වල් ඌරන් සහ කඳුකර කොටියන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් අටවා තිබූ මද්දකට පෙරේදා (06) රාත්‍රියේ කොටියා හසු වී තිබුණි.
කොටියා මද්ද ගලවා ගැනීමට අසල තිබූ ගසක් මතට නැග තිබේ.
කොටියා බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන් ගස කපා කොටියා බිමට ගැනීමට උත්සාහ කළ අතර ඒ වන විටත් කොටියා මිය ගොස් තිබේ.
මද්ද ගලවා ගැනීමට උත්සහ කරන අවස්ථාවේ කොටියාගේ උදරයේ කැපීම් තුවාල සිදුවී තිබේ.
227 Views
Comments