සයිනොෆාම් දෙවනි මාත්‍රාව හිඟ වෙයි

කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දන්වා සිටියේ සයිනොෆාම් එන්නත් දෙවන මාත්‍රාව ඔවුන්ට නොලැබීම හේතුවෙන් සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාගත් බොහෝ පිරිසක් දුෂ්කරතාවකට පත්ව ඇති බවයි.
ඔවුන් පවසා සිටියේ මේ අවස්ථාවේදී මෙම එන්නත ලබාගත් පුද්ගලයන් සමාජයේ අනෙකුත් පුද්ගලයන් සමග සැරිසැරීම නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක් හටගෙන ඇති බවයි.
සයිනොෆාම් දෙවන මාත්‍රාව ලැබීමේ ප්‍රමාදයක් තිබුණද එම එන්නත් ලැබුණු සැනින් ඒවා කඩිනමින් ලබාදෙන බවද කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පවසා සිටියේය.
914 Views
Comments