ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අයට සුභ පණිවුඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අයට සුභ පණිවුඩයක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අයට සුභ පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් මේ දිනවල සිටින්නේ ඉතාමත් දෙගිඩියාවෙනි.

 

ඒ ඔවුන්ට දෙවැනි මාත්‍රාව ලැබෙන්නේ කවදාද යන්න පිළිබඳව අපැහැදිලි බැවිනි. ඒ අනුව ඔවුන්ට අද සුභ පණිවුඩයක් සෞඛ්‍ය අංශවලින් ලැබුණි.

 

එහි දැක්වුණේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක ප්‍රමාණයක් ලබන සෙනසුරාදා(31) ශ්‍රී ලංකාවට ලැබෙන බවයි.

 

එහිදී ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත 490,000ක් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

views

815 Views

Comments

arrow-up