ගෑස් හිඟයක් ඇතැයි බියවී ජනතාව ගෑස් රැස් කරති
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

ගෑස් හිඟයක් ඇතැයි බියවී ජනතාව ගෑස් රැස් කරති

ගෑස් හිඟයක් ඇතැයි බියවී ජනතාව ගෑස් රැස් කරති

ගෑස් හිඟයක් පැමිණේ යැයි බියෙන් පාරිභෝගිකයන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගබඩා කරගැනීමට පෙළඹීම නිසා ඇතැම් ප්‍රදේශවල ව්‍යාජ ගෑස් හිඟයක් නිර්මාණ වී ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද(28) පැවසීය.

 

සමහර පාරිභෝගිකයන් ගෑස් සිලින්ඩර දෙක තුනක් එකවර මිලදී ගැනීමට පෙළඹී ඇතැයි කී සභාපතිවරයා ලිට්‍රෝ ගෑස් සමාගම සතුව අවශ්‍ය තරම් තොග ඇති බවද හෙතෙම සඳහන් කළේය.

 

සිය සමාගමේ දිනක සාමාන්‍ය ගෑස් සිලින්ඩර අළෙවිය 80,000 ක් වුවද පසුගිය දින දෙක තුළ අළෙවිය ලක්‍ෂ දෙකද ඉක්මවාගොස් තිබූ බවත් ගෑස් හිඟයක් පිළිබඳව ජනතාව කිසිඳු බියක් තබා ගත යුතු නැති බවත් තෙෂාර ජයසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
 

views

728 Views

Comments

arrow-up