විදේශිකයින් පිරිසක් රෝහලට යැවූ දඹුල්ලේ බස් - කාර් අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

විදේශිකයින් පිරිසක් රෝහලට යැවූ දඹුල්ලේ බස් - කාර් අනතුර

විදේශිකයින් පිරිසක් රෝහලට යැවූ දඹුල්ලේ බස් - කාර් අනතුර

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබිණි.

 

අනතුරින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික එකම පවුලේ මව, පියා සහ පිරිමි දරුවෙක් මෙන්ම බස් රථයේ ගමන් කරමින් සිටි මෙහෙණින් වහන්සේ නමක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

 

මෙසේ අනතුරට ලක්ව තිබුණේ, ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා දඹුල්ලේ සිට සීගිරිය දක්වා ගමන් කරමින් තිබූ විදේශිකයින් රැගත් මෝටර් රථයකි.

 

බස් රථය අධික වේගයෙන් ගමන් කර ඇති අතර, වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යෑමේ දී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී අනතුර සිදුවූ බව අනතුර දුටු පිරිස පවසති.

 

අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වූ අතර, බස් රථය මාර්ගය හරහා නැවති තිබිණි.

 

මෝටර් රථය අසල කුඩා වෙළෙඳසැලකට කඩා වැදී දැඩි ලෙස හානි සිදුව ඇත.

 

බස්රථයේ රියදුරු පොලීසියට භාරවී ඇති අතර, බස් රථයේ සිටි මගීන් කිහිපදෙනෙකුට ද සුළු තුවාල සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය.

 

අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

254 Views

Comments

arrow-up