ඇමති දියණියගේ කෝටි කාලක මුද්ද ඉස්සූ පෙදරේරුවා මාට්ටු

ප්‍රබල ඇමතිවරයෙකුගේ දියණියට අයත් රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා මැණික් ඇල්ලූ මුද්දක් සොරා ගත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමති දියණිය ඇයගේ සැමියා ඇතුළු පිරිසක් සමඟ යාල ප්‍රදේශයේ සංචාරයක ගිය අතරතුර එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනිමෙන් පසු මෙම සිදුවීම සිදුව ඇත.
හෝටල් පරිසරයේ පිහිටියේ නාන කාමරයේ ඇය දිය නා ඇත්තේ අත පැළඳි මුද්ද ගලවා කාමර බිත්තිය මත තබාය.
හෝටලයට සර්පයෙක් පැමිණ ඇතැයි කිසිවෙකු කෑගැසීමෙන් ඇය නාන කාමරයෙන් ඉවතට ගොස් ඇති අතර පසුව ගොස් බලද්දී මුද්ද අතුරුදහන් වී තිබිණි.
හෝටලයේ කැමරා දර්ශන සෝදිසි කිරීමේදී හෙලිව තිබෙන්නේ මෙය කිසියම් පුද්ගලයෙක් විසින් සොරා ගෙන යන බවයි.
මෙම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පෙදරේරුවෙක් යයි හෙලිව ඇත.
315 Views
Comments