මිරිහානේ ජනපති නිවස අසල විරෝධය පෑ දෙදරු පියා විදුලි සැර වැදී මරුට

විදුලි කප්පාදුව නතර කරන ලෙස ඉල්ලා විරෝධය පලකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ එදිරිසිංහ මාවතේ අධිබලති විදුලි කණුවකට ඊයේ(03) නැගී පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගොස් ඇතැයි මිරිහාන පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ මිරිහාන එදිරිසිංහ පාර පලවන පටුමග පදිංචිව සිටි නානයක්කාර බෝපෙ රුවන් වීරතුංග නමැති 53 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා මහරගම, නුගේගොඩ මාර්ගයේ එදිරිසිංහ මාවතට පිවිසෙන ස්ථානයේ තිබෙන ට්‍රාන්ස්ෆෝමරයක් සහිත අධිබල විදුලි කණුවකට නැග සුළු මොහොතකදී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
එම අනතුර ඔහුගේ පුතෙකු සියසින් දැක ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී තිබේ.
මෙම පුද්ගලයා එම අවස්ථාවේ මත්පැන් පානය කර සිට ඇති බවත් ඔහු කළුබෝවිල රෝහලට ඇතුලත් කරන විටත් ජිවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තාවේ.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
674 Views
Comments