“අවුරුද්දට ටි‍්‍රප් ගිහින් ෆේස්බුක් දාන්න එපා” - පොලිසියෙන් ඉල්ලීමක්

සිංහල අලුත් අවුරුදු සමයේ තමන් නිරතවන ගමන් බිමන් සම්බන්ධ තොරතුරු සමාජ ජාලාවල ප්‍රසිද්ධ කිරීමෙන් වලකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියලු දෙනාගන් ඉල්ලා සිටියි.
එම තොරතුරු අපරාධකරුවන් විසින් ලබාගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීමේ ඉඩක් ඇතැයිද හෙතෙම පැවසීය.
සමාජජාලා වන්ට එවන් තොරතුරු එක් කිරීම අපරාධයක වින්දිතයින් බවට පත්වීමට හැකියාවක් පවතින තත්ත්වයක් බවද හෙතෙම කියා සිටියේය.
එම නිසා ඒ සම්බන්ධව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.
629 Views
Comments