MAR
28
මුහුදේ දිය නෑමට ගිය පියවරු දෙදෙනෙක් මුහුදට බිලිවෙයි

හලාවත, මැදවත්ත මුහුදු වෙරළේ සාදයක් අතරතුර දිය නෑමට ගිය 09 දෙනකුගෙන් දෙදෙනෙකු මුහුදේ ගිලි ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි හලාවත පොලිසිය පවසයි.
අවට සිටි ධීවරයන් විසින් මුහුදේ ගිලි සිටි පිරිසක් බේරාගෙන ඇති අතර අයෙකු හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.
නානුඔය පදිංචි මරුදෙයි රාමාසාමි නැමති සිවුදරු පියෙකු සහ විශ්ව නාදන් නමැති සිවු දරු පියෙකු මෙලෙස මියගොස් ඇත.
මෙම පිරිස දුම්මලසූරිය කාර්මාන්ත පුරයේ සිට මෙම ප්‍රදේශයට පැමිණ ඇතැයි වාර්තාවේ.
628 Views
Comments