සහල් සඳහා පාලන මිලක්?

සහල් සඳහා පාලන මිලක් පැනවීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ඒ අනුව අවුරුදු සමය වන විට සහල් අඩුමිලට ලබාදෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නාඩු සහල් රුපියල් 140කට ලබාදීමට හැකිවනු ඇතැයි ද පැවසීය.
රජය සතු සහල් තොග වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද(21) පැවැති මාධ්‍ය හමුවකදීය.
613 Views
Comments