“පුතාගේ මරණය සැකයි, පරීක්ෂණයක් පවත්වන්න” - මියගිය ජාතික පාපන්දු කණ්ඩායම් ක්‍රීඩකයාගේ මව පොලිසියෙන් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

“පුතාගේ මරණය සැකයි, පරීක්ෂණයක් පවත්වන්න” - මියගිය ජාතික පාපන්දු කණ්ඩායම් ක්‍රීඩකයාගේ මව පොලිසියෙන් ඉල්ලයි

“පුතාගේ මරණය සැකයි, පරීක්ෂණයක් පවත්වන්න” - මියගිය ජාතික පාපන්දු කණ්ඩායම් ක්‍රීඩකයාගේ මව පොලිසියෙන් ඉල්ලයි

මාලදිවයිනේදී මියගිය ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩක්සන් ෆස්ලස් ක්‍රීඩකයාගේ මරණය සැක සහිත බවත් රජය වහාම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසටත් මියගිය ක්‍රීඩකයාගේ මව පෙරේදා(28) මන්නාරම පොලිසියේ නිලධාරීන් ගෙන් ඉල්ලීමක්කර තිබේ.

 

31 හැවිරිදි මන්නාරමේ පදිංචි මෙම ක්‍රීඩකයා මාලදිවයිනේ පැවැත්වුණ තරඟාවලියක් සඳහා සහභාගී වෙමින් සිටියදී සියදිවි හානි කරගෙන මියගිය බවට තොරතුරු වාර්තා වූවත් තම පුතාට සියදිවි හානිකර ගැනීමට තරම් හේතුවක් නොතිබූ බව මියගිය ක්‍රීඩකයාගේ මව පොලිසියට පවසා ඇත.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ක්‍රීඩකයාගේ නිවසට ගොස් ඔහුගේ මවගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

 

මන්නාරමේ ඉපදී වඩමාරච්චි වදිරි ඩයමන්ඩ්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු මෙන්ම ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ ඩක්සන් ෆස්ලස මීට දින හතරකට ඉහත දී මාලදිවයිනේ දී මියගිය බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විස්තරයක් හෝ මෙතෙක් ලැබී නැත.

views

714 Views

Comments

arrow-up