ආයි කොවිඩ් එන්නත් ගේන්න සල්ලි නෑ..- දැම්ම තියන එකක් ගහ ගන්න

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගෙන නොමැති පිරිස් සිටීනම් හැකි ඉක්මණින් එම එන්නත ලබාගන්නා ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී එන්නත් ගෙනඒමේ වැඩසටහනට බාධා එල්ල විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
මෙරටදී කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් එක් කෝටි හැත්තෑ ලක්‍ෂ 68,255 දෙනෙකු මේ වනවිට ලබාගෙන තිබේ. එහෙත් එම පිරිසෙන් දෙවන මාත්‍රාව ලබාගෙන ඇත්තේ එක්කෝටි හතලිස් හතර ලක්‍ෂ 83,145 දෙනෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
581 Views
Comments