“ඊළඟට එළැඹෙන්නේ අමාරුම සති කිහිපයයි” - අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

“ඊළඟට එළැඹෙන්නේ අමාරුම සති කිහිපයයි” - අගමැති

“ඊළඟට එළැඹෙන්නේ අමාරුම සති කිහිපයයි” - අගමැති

රටට අමාරුම කාලයේ එන්නේ ඊළඟ සති කීපයේදී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

මිත්‍ර රටවල් ගණනාවක තානාපතිවරුන් සහ නිලධාරීන් සමඟ තමා සාකච්ඡා කළ අතර ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙන බවත් රටේ අද තිබෙන තත්ත්වය ගැන එම රටවල් වලට දැනුම් දී මෙි පිළිබඳව තවදුරටත් සාකච්ඡා කොට අදාළ ගිවිසුම්වලට ඇතුළු විය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීය.

 

ඉන්දියාව වැනි රටවල් සමග අදාල  වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන අතර එම වැඩ කටයුතු අවසන්  කරන්න මාස දෙක තුනක් යනු ඇතැයි ද ඊට පසුව රටෙි මධ්‍යකාලීන  සහ දීර්ඝ කාලීන අනාගතය සුබ අතට හැරෙනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් සාකච්ඡා ආරම්භ කර තිබෙන අතර දැන් පවතින තත්ත්වය අනුව ඊළඟ සති කීපය අමාරුකම් වලට මුහුණ දෙන්නට සිදු වනු ඇතැයි ද ගමන එකට ගියොත් ආර්ථික හානියෙන් ගොඩ එන්නට හැකි බවට විශ්වාසයක් තිබෙන බවත් කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කාර්යාලයේදී ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

views

486 Views

Comments

arrow-up