තම පුතු යොදවා කුඩු වික්ක අම්මා කුඩුත් එක්ක මාට්ටු - දෙදෙනාම අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

තම පුතු යොදවා කුඩු වික්ක අම්මා කුඩුත් එක්ක මාට්ටු - දෙදෙනාම අත්අඩංගුවට

තම පුතු යොදවා කුඩු වික්ක අම්මා කුඩුත් එක්ක මාට්ටු - දෙදෙනාම අත්අඩංගුවට

තම එකම පුතු යොදවා හෙරොයින් ජාවාරමක් කරගෙන ගිය මවක් සහ පුතෙකු හෙරොයින් මිලිග්‍රෑම් හත්දහස් හය සියයක් සමඟ අද(30) අළුයම අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය කැන්දහේන වත්ත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් සහ 23 හැවිරිදි තරුණයෙකි.

 

හෙරොයින් තොගයක් අලෙවි කිරීම සඳහා පුද්ගලයෙකු පන්නිපිටිය අඹගස්හතර හන්දිය අසන්නට පැමිණෙන බවට මහරගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයරත්න මහතාට තොරතුරක් ලැබී තිබුණි.

 

ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ආවේක්ෂණ රාජකාරියෙන් රැඳී සිටියදී පැමිණි පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 1100 තිබී හමුවූ බව පොලිසිය පවසයි.

 

පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් පන්සියයක් හමුවී ඇත.

 

මෙම හෙරොයින් තොගය නිවස හිමි කාන්තාවට අයත් ඒවා බවටත් ඇයගේ උපදෙස් මත පළමුව අත්අඩංගුවට ගත් ඇගේ පුතා ගැනුම්කරුවන්ට බෙදා හරින බවටත් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

views

760 Views

Comments

arrow-up