ඉෂාලිනිගේ දේහය නැවත ඇගේ ඥාතීන් වෙත
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

ඉෂාලිනිගේ දේහය නැවත ඇගේ ඥාතීන් වෙත

ඉෂාලිනිගේ දේහය නැවත ඇගේ ඥාතීන් වෙත

හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරියගේ දේහය අද(13) යළි ඇගේ ඥාතීන් වෙත භාරදී තිබේ.

 

ඒ අධිකරණය ලබාදුන් නියෝගය අනුව සිදුකළ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුවයි.

 

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයකළ 16 හැවිරිදි ඉෂාලිනි දැරිය පිළිස්සුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජූලි 15 වැනිදා මියගිය අතර ඇගේ දේහය ඩයගම පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

 

 අධිකරණ නියෝගමත ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුවක් විසින් පසුගිය 30 වැනිදා දේහය යළි ගොඩගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදුකල අතර එම පරීක්ෂණ කටයුතු අවසන්වීමෙන් පසු අධිකරණ නියෝගමත ඇයගේ දේහය එලෙස යළි ඥාතීන් වෙත භාරදී තිබේ.

 

දේහය භාරගැනීම සඳහා දැරියගේ මව සහ සොහොයුරා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටියහ.

 

දැරියගේ දේහය ඩයගම පොදු සුසාන භූමියේම යළි භූමදානය කෙරෙනු ඇති.

views

757 Views

Comments

arrow-up