කන්ටේනර් රථ රියදුරෙක් රථය තුලම මිය ගිහින් මරණය අභිරහසක්

කන්ටේනර් රථයක රියදුරු වරයෙක් තමාගේ රථය තුළ ම අභිරහස් ලෙස මියගොස් ඇති පුවතක් රත්මලාන ප්‍රදේශයේ වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු විසින් රත්නපුර සුමංගල පාරේ පිහිටි ආයුර්වේද නිෂ්පාදන ආයතනයක් වෙත බහාලුමක් රැගෙන ගොස් තිබුණි. ඊයේ රාත්‍රියේ ගමනාන්තයට ළං වූ රියදුරු එම ස්ථානයේම තම රථය තුලට වී ගිමන් හරිමින් සිට ඇත.
පසු දා උදෑසන වනතෙක් ඔහු අවදි නොවීම හේතුවෙන් ගල්කිස්ස පොලිස් නිලධාරීන් පැමිණ සෝදිසි කිරීමේ දී මෙලෙස ඔහු මිය ගොස් සිටියදී සොයාගෙන තිබුණි.
මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත.
1090 Views
Comments