AUG
06
එන්නත් නොලැබුණු අයට ජනපති අණින් ඕනෑම මධ්‍යස්ථානයකදී එන්නත

මේ වන තෙක් කිසිඳු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට දිවයිනේ ක්‍රියාත්මක වන ඕනෑම එන්නත් කරන මධ්‍යස්ථානයකදී එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයටත් දෙවන මාත්‍රාව ලබා දෙන මධ්‍යස්ථානයකින් වුවද කෝවිඩ් මර්දන එන්නත ලබාගත හැකිය.
අද ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී මේ බව තීරණය වී තිබුණි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ කිසිදු කොවිඩ් රෝගියකු අපහසුතාවයට ලක්වීමට ඉඩ නොතැබිය යුතු බවයි.
710 Views
Comments