FEB
11
ඇමරිකාව තවත් අබිරහස් යානයක් වෙඩි තබා බිම හෙළයි

ධවල මන්දිරය නිවේදනය කරන්නේ, ඇලස්කාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ හඳුනා නොගත් නියමුවන් රහිත ගුවන්යානයක් වෙඩිතබා බිම හෙළීමට ඇමරිකානු ආරක්ෂ අංශ පියවර ගෙන ඇති බවයි. කුඩා මෝටර් රථයක ප්‍රමාණයේ මෙම හඳුනා නොගත් වස්තුව ඇලස්කාවට කඩාවැටී ඇති බව ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බ් ප්‍රකාශ කර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමරිකානු ගුවන් සීමාව තුළ පවතින ඕනෑම හඳුනා නොගත් වස්තුවක් බිම හෙළීමට නියෝග කර ඇති බවයි. එරට ආරක්ෂක අංශ පසුගියදා එක්සත් ජනපද මුහුදු සීමාවට ඉහළින් පැවති චීන බැලුනයක්ද විනාශ කිරීමට පියවර ගෙන තිබුණි.
190 Views
Comments