පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කෙරේ

පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කෙරේ

මෙරට පොදු ප්‍රවාහන සේවයෙහි ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පවත්වා ඇති බව වාර්තා වනවා.

 

මෙම සාකච්ඡාව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ඉන්ධන අර්බුදය හමුවේ මහජනතාවගේ ප්‍රවාහන ගැටලු පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

 

මෙම සාකච්ඡාවේදී නව කාර්යාලීය දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට සහ බස් රථ සඳහා විශේෂිත ඉන්ධන පිරවුම් හලක් බැස්ටියන් මාවත ප්‍රදේශයෙන් ලබාදීමටත් තීරණය වී තිබෙනවා. මීට අමතරව දැනට ධාවනය වන දුම්රිය සදහාද අමතර මැදිරි එක් කිරීමට නියමිතයි.

 

තවද සිසුසැරිය සහ ග්‍රාමීය සේවා සඳහා නව බස් රථ ලබා දීමට ද මෙහිදී එකඟතාවයට පත්ව තිබෙනවා.

 

 

views

681 Views

Comments

arrow-up